මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දිවි සැරිය නිමාකරයි

410


ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 80 වියේ පසු වු ඒ මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්වයවරයෙකු සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කළේය.

ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ද ඊට ඇතුළත්ය.

ඔහු විසින් රචනා කළ කෘතින් අතරින් සමාජ මුහුණුවර 1984 වර්ෂයේ සහයථාර්ථය සහ නිර්මාණ` 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment