බස් රථයෙන් බිමට බැසීමට ගිය පාසල් දැරිය එයටම යටවී මරුට

114

අපරික්ෂාකාරී ලෙස බසය ඉදිරියට ඇදලා – පොලිසිය

පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස 24 දා දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අළුත්ගම, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ ලිපිනයේ පදිංචි අබ්දුල් මජිත් ෆායිස් පාතිමා නමැති 6 හැවිරිදි දැරියකි.

අලුත්ගම දරුසලාම් මුස්ලිම් විද්‍යාලයේ, පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, පාසල නිම වී බස් රථයෙන් පැමිණ එයින් බිමට බසින අවස්ථාවේදී ඇද වැටී මෙම අනතුර සිදුව තිබේ.

බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කළේය.

බස් රථයෙන්, දැරිය බිමට බසින අවස්ථාවේදී අපරීක්ෂාකාරී ලෙස එක්වරම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් පසු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. එල්. සී. සිරිකාන්ත මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment