අයි.එම්.එෆ් අද නොවේ හෙට 2023 දෙසැම්බර් දක්වා කල් යයි ද?

250

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට යම් සහනයක් වෙතැයි බලාපොරොත්තු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය සහනය වන ඩොලර් බිලියන 2.9 මෙම වසරේ දී මෙරටට ලැබෙතැයි අනුමාන කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව මේ වනවිට අදාළ සහනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවයකට එළැඹි සිටී. එම එකඟතාවයට පසුගිය ජුනි මාසයේ දී එළැඹිණි.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් ඊට අවසාන එකඟතාවය පළකළ යුතුය. එම එකඟතාවය ලැබීමට පෙර ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණි.

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය දෙසැම්බර් වනවිට මූල්‍ය සහනය සඳහා අනුමැතිය ලබාදෙතැයි අනුමාන කරන බවය.

නමුත් මෑත මාසවල දී එහි ප්‍රගතිය ප්‍රමාද වන බව පැහැදිලිව පෙනෙයි. ඒ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් පවසන්නේ එය 2023 දෙසැම්බර් තෙක් කල්යා හැකි බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සිය වෙබ් අඩවියෙහි සඳහන් ‘නැඟීඑන ආර්ථිකයන්’ සඳහා ලබාදෙන ණය සහනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙසැම්බර් 22 වැනිදා තෙක් දක්වා පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමවල කාල සටහනෙහි ශ්‍රී ලංකාව ගැන සඳහන් නොවෙන බව ද වාර්තා වෙයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment