රට අරින්න සැළසුම් ජනපති ඉල්ලුවා-ශවේන්ද්‍ර සිල්වා

370

ලබන ඔක්තෝබර් පළමු වැනිදා නිරෝධායන ඇ`දිරි නීතිය ඉවත් කර යළි රට විවෘත කිරීමට හැකි වන ලෙෂ සියලූ කටයුතු සැළසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇති බව ජතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඒ අනුව අදාළ අංශ රට විවෘත කිරීමට අවශ්‍ය සියලූ කටයුතු සැළසුම් කරමින් තිබෙන බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද කී ඒ මහතා සෞඛ්‍යය, පොදු ප‍්‍රවාහනය, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය, සම්බන්ධයෙන් සළසුම්සකස් කෙරෙමින් තිබෙන අතර ඒවා ඉදිරියේදී ජනතාවට දැනුම් දෙන බවද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment