අදත් තද වැස්ස

83

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද (05) දිනයේ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එමම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වසිවර කිහිපයක් ඇතිවිය හැකිය.බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment