බිලියන 13 ක රෝහල් බෙහෙත් බිලක් තවම ගෙවා නෑ – ඇමැති රමේෂ් පතිරණ

55

රජයේ රෝහල් සඳහා පසුගිය වසරේදී ගත් ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 13.14 ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන් හා නිෂ්පාදකවරුන් වෙත ගෙවිය යුතු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්තවලට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850 ක් වන අතර, ඉන් 60 කට ආසන්න ප්‍රමාණයක් රජයේ රෝහල්වල හිඟ පවතින බවත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ 30 ක් පමණ මෙම මාසය තුළ ලබාගැනීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා කීය. ඖෂධ මිලදී ගැනීමට මෙම වර්ෂයට රුපියල් බිලියන 170 ක් වෙන් කර ඇති නිසා හිඟ බිල්පත් මේ වසර තුළ ගෙවා අවසන් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment