මහ වැස්සෙන් දිස්ත්‍රික්ක 13 ක 109635 ක් පීඩාවට

65

මරණ 3 ක්

4981 ක් තවමත් අවතැන් කඳවුරුවල

වැඩිම හානිය නැගෙනහිරට

රට පුරා පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් තිස්තුන්දහස් හයසිය අසූහතකට (33,687) අයත් පුද්ගලයින් එක්ලක්ෂ නවදහස් හයසියතිස්පස් දෙනකු (109,635) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත්, මොනරාගල, නුවරඑළිය හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලින් එම පුද්ගල මරණ වාර්තා වන බවත් එම මධ්‍යස්ථානය කියයි.

එසේම, පවුල් එක්දහස් පන්සිය අසූහතක (1587) පුද්ගලයන් හාරදහස් නවසිය අසූඑක් දෙනකු (4981) අවතැන් කඳවුරු වෙත යොමු කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

අවතැන් වී සිටින පිරිසට සහන සැලසීමට රජය පියවර ගෙන තිබේ.

මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ නැඟෙනහිර හා අම්පාර ප්‍රදේශවලට ය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment