ජය ශ්‍රී මහා බෝධියේ රාජකාරි කරන පොලිසියේ 30කට සුදු පාට නව නිල ඇඳුමක්

91

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස්දෙනකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම ඊයේ (25දා) සිදු කෙරිණි.

මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරි ආරම්භ කළ පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණෝ සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් බැඳ ආශිර්වාද කළහ.

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි.

මෙම අවස්ථාවට උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. සී. එල්. ආර්. කේ. බී. වෑත්තෑව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment