ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ස්කෑන් එක ගියා ගියාමයි

111

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ගලවා ඉවත්කර මසක් ගතව ඇතත් නව යන්ත්‍රයක් ස්ථාපිත නොකිරීම හේතුවෙන් බරපතළ හදිසි අනතුරුවලට ලක්ව ගෙන එන රෝගීන්ගේ පරීක්‍ෂණ කටයුතු කර ගැනීමට නොහැකි වී ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි වාර්තා වේ.

හදිසි අනතුරු අංශයේ සහ විශේෂිත ස්නායු ශල්‍ය ඒකකයේ රෝගීන්ගේ සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ සිදුකරමින් ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති අදාළ යන්ත්‍රය ඉකුත් ජනවාරි මස 29දා සිට පරීක්‍ෂණ යන්ත්‍රය ගලවා ඉවත්කර ඇති බවත්, ඒ සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන් දැයි නොදන්නා බවත්, රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ක්‍රියාකාරී තත්ත්වයේ පැවති අදාළ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ගලවා ඉවත්කර ඇත්තේ නව යන්ත්‍රයක් රෝහලට ලැබී ඇති බවට පවසමින් වුවත් එම යන්ත්‍රය මේ වනතුරු මෙරටට හෝ ගෙනවිත් නොමැති බවත් ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment