STEM අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම සමග හවුල්කරුවෙක් වෙයි

142
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී නන්දික බුද්ධිපාල මහතා සහ ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ මහත්මිය ගිවිසුම් හුවමාරු කරගන්නා අයුරු සේයාරුවෙන් දැක්වෙයි.

කොමර්ෂල් බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති STEM (විද්‍යා, තාක්‍ෂණ, ඉන්ජිනේරු සහ ගණිත) අධ්‍යාපනික වැඩසටහන් තවත් වැඩිදියුණු කිරීම උදෙසා ජාතික විද්‍යා පදනම සමග හවුල්කාරිත්වයකට එළඹ ඇත. ශ්‍රී ලංකාවේ තෝරාගත් පාසල් වෙත STEM අධ්‍යාපනය ලබා දීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වෙයි.

ඩිජිටල්කරණය වූ අධ්‍යාපනික අන්තර්ගතයක් ලබා දීම සඳහා දිවයින පුරා STEM ‘ස්මාර්ට්’ පන්ති කාමර 100ක් පිහිටුවීමට බැංකුව සහාය ලබා දීමෙන් වසරකට පසුව, අධ්‍යාපන අමාත්‍යාංශය සමග සහයෝගයෙන් මෙම පියවර ගෙන ඇත. කොමර්ෂල් බැංකුව, ජාතික විද්‍යා පදනම සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ බැංකුවේ සමාජ සත්කාර භාරය විසින් පාසල් ලැයිස්තුවක් සපයනු ඇති අතර, ඉන්පසුව STEM වැඩසටහන දියත්කිරීමට සහ ප්‍රතිඵල තක්සේරු කිරීම් සිදුකිරීමට අවශ්‍ය සැපැයුම් සහාය ලබාදෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment