HNB කාඩ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේදී #Happyisnow හරහා සුවිශේෂී දීමනා

146
ගෞතමී නිරංජන් කාඩ්පත් අංශ ප්‍රධානී HNB

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඩ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත.

HNB ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල්, හෝටල් සහ පාසල් ලිපිද්‍රව්‍ය අලෙවි සැල් ඇතුළු 300 කට අධික වෙළෙඳසැල් සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනිමින් තම ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 2023 නොවැම්බර් 12 සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 75%ක් දක්වා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් ආකර්

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඩ්පත් අංශ ප්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ “මෙම නත්තල් සමයේදීත් අපගේ ගනුදෙනුකාරභවතුන්ට වටිනා ත්‍යාගයක් ලෙස විශේෂ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් දීමනා පිරිනැමීම පිළිබඳව අපි සතුටු වනවා- සෑම නිවාඩු කාලයේ සෑම මොහොතක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීම අපගේ අරමුණ වන අතර, මෙම සුවිශේෂී දීමනා සමඟින් මෙවරත් ප්‍රීතිමත් උත්සව සමයක් අපගේ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපගේ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කරනවා ඇතැයි අප විශ්වාස කරනවා. මෙම අදහා ගත නොහැකි ප්‍රතිලාභ සහ සැලකිය යුතු ඉතිරියක් සමඟින් ප්‍රීතිමත් උත්සව සමයක් ගත කිරීමට HNB අප හා එක් වන්න- ඔබට ප්‍රීතිමත් සහ සෞභාග්‍යමත් නිවාඩු සමයක් ප්‍රාර්ථනා කරනවා!”‍ යනුවෙනි-

advertistmentadvertistment
advertistmentadvertistment