සජබ සන්ධානයේ ‘දෙක’ ඩලස් ඉල්ලයි

3493

සමගි ජන බලවේගය ප්‍රමුඛ කරගෙන ජාතික මැතිවරණ ඉලක්ක කර ගනිමින් නිර්මාණය කිරීමට යන දේශපාලන සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය තමන්ට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා ඇත. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකතවය යටතේ එම ධුරය ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට සමගි ජන බලවේගයේ බහුතරය විරෝධය පළකර ඇති අතර ඩලස් අලහප්පෙරුමට නොව එය සජබ ජ්‍යෙෂ්ඨයන් වන ලක්ෂ්මන් කිරිඇල්ලට හෝ රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන්ට හිමිවිය යුතුයැයි ඔවුන් පවසා තිබේ.

මෙම නව සන්ධානය සැකසීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අදාළ ඉල්ලීම ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකර ඇත. එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් ඒ මොහොතේ ලැබී නොමැති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් සජබ මතය වී ඇත්තේ එවැනි තනතුරක් ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීම නොකළ යුතු බවය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment