කෙහෙළියට එරෙහි විශ්වාසභංගය 6-7-8 දිනවල

113

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ලබන 06, 07 සහ 08 යන දින තුනහිදී විවාදයට ගැනීමට තීරණය කර ඇත.

ඉකුත් 01 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

එම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලබන එම දිනවල අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු පැමිණිය යුතු යැයි ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනටමත් දන්වා තිබේ.

විපක්‍ෂය ද මෙම විශ්වාසභංගය සාර්ථක කර ගැනීම වෙනුවෙන් විවිධ පක්‍ෂවල මැති ඇමැතිවරුන්ගේ සහාය ලබා ගැනීමට සාකච්ඡාවල නිරත වන බව ද වාර්තා වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment