තිලීපන් ස්මාරකය අබියසදී ටියුෂන් ගුරුවරයා මඟුල් කාලා

675

යාපනයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු යාපනය කෝපායී ප්‍රදේශයේ පිහිටි තිලීපන්ගේ ස්මාරකය අබියසදී විවාහ දිවියට ඇතුළත් වී තිබේ.

ඔහු සිය මනාලිය සමග විවාහයට අත්සන් තබා ඇත්තේ තිලීපන්ගේ ස්මාරකය ඉදිරියේදීය.

තමිල් ඊසන් නැමති මෙම ගුරුවරයා විවාහයෙන් පසුව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබුණේ තමන්ගේ විවාහය ඉතාමත්ම ජනප්‍රිය හා ප්‍රසිද්ධ ස්ථානයක සිදු කිරීමට දැඩි ආශාවක් තිබුණු බවයි. ඒ අනුව අවසානයේදී යාපනයේ තිලීපන්ගේ ස්මාරකය අබියස ඒ සඳහා යොදා ගත් බවත් විවාහයේ සියලු‍ම කටයුතු එම ස්ථානයේදී සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. තිලීපන් යනු 1989 වසරේදී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් වල සිටි ඉන්දීය සාම සාධක හමුදාව මේ රටින් වහාම පිටව යායුතු බවට රජයට බල කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කොට දින 21 ක් නිරාහාරව සිට මියගිය යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment