හමාස් සාමාජිකයන් හොඳින් සැලකුවා

376

නිදහස ලැබූ 85 හැවිරිදි ඊශ්‍රායල කාන්තාව කියයි

හමාස් සාමාජිකයින් තමන්ට ඉතා හොඳින්… සැලකූ බව පසුගියදා ප්‍රාණ ඇපයෙන් නිදහස ලැබූ 85 හැවිරිදි යෝචේව්ඩ් ලිෆ්ෂිට්ස් පවසා සිටියාය.

හමාස් සාමාජිකයින් විසින් පසුගිය 07 වැනිදා පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් වැසියන්ගෙන් දෙදෙනකු පසුගිය සඳුදා නිදහස් කර තිබිණි. ඒ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකි. 85 හැවිරිදි යෝචේව්ඩ් ලිෆ්ෂිට්ස්ට අමතරව 79 හැවිරිදි නුර් කූපර් නම් කාන්තාවක් ද නිදහස් කර තිබිණි.

කටාර් හා ඊජිප්තු රටවල මැදිහත්වීම මත මේ දෙදෙනා නිදහස් කර තිබිණි.

සඳුදා ඇය මුදා හැරීමේ වීඩියෝවෙන් පෙනී ගියේ ඇය මුහුණ ආවරණය කර ගෙන සිටි හමාස් සාමාජිකයකුට අතට අත දීම සඳහා හැරී යන ආකාරයයි. ඇය එසේ කළේ මන්දැයි මාධ්‍යවේදීන් විමසු විට “ඔවුන් අපට හොඳින් සැලකූ අතර අපගේ සියලු අවශ්‍යතා ඉටු කළා” යනුවෙන් ලිෆ්ෂිට්ස් සඳහන් කර තිබිණි. තමන්ව පැහැරගෙන ගොස් ගාසා උමගකට ගෙන ගිය බවත් ඇය පවසා තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment