අන්තර් පාසල් හොකී තරගාවලියේ ජය සංකේත පිරිනමයි

162

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් හොකී තරගාවලිය -2023 පොලොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී තෙදිනක් පුරා පවත්වන්නට යෙදුන අතර, එහි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන්නට යෙදුනි.

පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ සංවිධාන ශක්තියෙන් ද, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් ද, ක්‍රීඩා සංවර්ධන අරමුදලේ අනුග්‍රාහකත්වය යටතේ ද ප්‍රථම වතාවට මෙම තරගාවලිය පවත්වන ලදි.

මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා පාසල් හොකී සංගමයේ සභාපති, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ශශිකලා සේනාධීර, සමස්ත ලංකා පාසල් හොකී සංගමයේ ලේකම්, මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පති අනුරුද්ධ හේරත්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) කේ.ඩී.සී.කේ. පොරෝගම, තේරීම් කමිටු සභාපති සුමිත් දිසානායක, පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති අයි.කේ.කේ. රවීලාල්, නියෝජ්‍ය විදුහල්පති ( විෂය සමගාමී) එම්.එන්. උඳුගොඩ, කලාවැව කාබනික පොහොර ආයතනයේ අධ්‍යක්ෂ සී.එන්.කේ. ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලය හා ක්‍රීඩක ක්‍රීඩිකා දුවා දරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.

අන්තර් පාසල් හොකී තරගාවලියේ ජය සංකේත පිරිනමයි
advertistmentadvertistment
advertistmentadvertistment