‘හරක් කටා’ ප්‍රංශයට පනින්න හදලා

440

මිදිගම නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඩුබායි ගුවන් තොටුපළේදී එරට පොලිසියට කොටු වී ඇත්තේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කර ප්‍රංශය බලා යෑමට උත්සාහ කරද්දීය.

හේරත් මුදියන්සේලාගේ රොෂාන් ඉසන්ක යන නමින් ව්‍යාජව සකස් කර ගත් විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කර මොහු ප්‍රංශය බලා යෑමට පැමිණ තිබිණි.

හරක් කටා නමැති ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරු රොෂාන් ඉසන්ක යන නම භාවිත කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඩුබායි පොලිසියට සහ එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම් දී තිබිණි.

ඩුබායි පොලිසිය සහ ආගමන විගමන නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ලබාදී තිබූ තොරතුරු මතය.

අත්අඩංගුවට ගත් හරක්කටා ඩුබාය පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.

පසුගිය කාලසීමාවේ දකුණු පළාතෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගවලින් වැඩි ප්‍රමාණයක් හරක් කටා විසින් එවූ මත්ද්‍රව්‍ය බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment