කැනඩාවෙන් ආ ‘කුෂ්’ පාර්සලය ගැන කුරුණෑගල – ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කෙරේ

2109

කැනඩාවේ පදිංචිකරුවකු විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට එවූ කිලෝ පහක් පමණ බරැති ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය පාර්සලය සම්බන්ධව විමර්ශන කරන මත්ද්‍රව්‍ය නාශක අංශය කැනඩාවේ පුද්ගලයා පිළිබඳව කුරුණෑගල ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කරගෙන යයි.

දැනට මෙම ව්‍යාපාරිකයා රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කෙරේ. මෙම මත්ද්‍රව්‍ය පාර්සලය කැනඩාවේ සිට ඒවූ පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කැනඩා පොලිසියේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

දැනට රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන කුරුණෑගල ව්‍යාපාරිකයා වාහන අමතර කොටස් ශ්‍රී ලංකාවට ගෙන්වන ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙකි.

පොලිස් ආරංචි මාර්ග අනුව මෙම සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ ධනවත් පවුලක පුතකු බව ද ඔහු සමාජ සේවා කටයුතු සඳහා ද ප්‍රදේශයේ ජනප්‍රිය වූ අයකු බව ද අනාවරණය වී තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment