හොර වෙබ් එකක් හදලා තැපැලේ සල්ලි ඇදලා

294

වහාම විමර්ශනයක් කරන්නැයි උසාවියෙන් සීඅයිඩීයට නියෝග

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර තැපැල් දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ ගණනාවක් වංචා කළ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (25 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එලෙස ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුදල් වංචා කර ඇති බවට කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහිල් රම්හාත් මඩවල නමැත්තා විසින් පැමිණිල්ලක් කර ඇති බවත් කිරුළපන තැපැල් කාර්යාලයට අයත් රුපියල් දෙලක්ෂ අනූහත් දහසකට අධික මුදලක් හා වැල්ලවත්ත තැපැල් කාර්යාලයට අයත් රුපියල් දෙලක්ෂ විසිපන් දහසකට අධික මුදලක් වංචා කර ඇති බවටත් පැමිණිලි ලැබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබිණි. මෙයට අමතරව බදුල්ල, වැල්ලවත්ත මූලස්ථාන තැපැල් ඇතුළු තැපැල් කාර්යාල කිහිපයකින් ද මුදල් වංචා කර ඇති බවට ද පැමිණිලි ලැබී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තොරතුරු වාර්තාවක් මගින් පෙන්වා දී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment