මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ අලි ඇතුන්ගේ තෛලමය සත්කාරය

429

මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ ගමන් කරන හස්තීන්ගේ රෝග පීඩා විඩාව සන්සිඳීම සඳහා වාර්ෂිකව අට වැනි වතාවටත් ආයුර්වේද ‘හස්ති සහන ස්වෙච්ඡා පදනම’ මගින් සංවිධානය කරන හෙළ ආයුර්වේද තෛලමය සත්කාරය මෙවරද ඊයේ සාර්ථකව කරන ලදී.

මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූ එම සත්කාරය සඳහා දිවයිනේ නන්දෙසින් මෙම පුණ්‍යකර්මයට කැමැත්තක් දක්වන අයවලුන් දායකත්වය ලබාදීමට ඊයේ දින මහනුවරට පැමිණියේය. මෙහි කටයුතු මෙම සංවිධානයේ ප්‍රධාන අනුශාසක මහින්ද්‍ර රත්වත්ත, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ආශිර්වාදය මත පැවැත්වුණි. මෙම තෙල් ගැල්වීමේ සත්කාරයේ නිර්මාතෘ සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ මධ්‍යම පළාත් සංවිධායක ආයුර්වේද ශිරෝමණි, වෛද්‍ය දොන් වසන්ත කරසිංහආරච්චි මහතා සහ සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ මධ්‍යම පළාත් සභාපති ආයුර්වේද ශිරෝමණි වෛද්‍ය චාල්ස් දනසිරි ද සිල්වා මහතා සහ මධ්‍යම පළාත් කොමසාරිස් ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ගඟවට කෝරලයේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ලක්ෂාන් ගුණසිංහ මහතා මෙම සත්කාර වෙනුවෙන් දායක විය. තවද ආයුර්වේද වෛද්‍යාචාරිණි අක්ෂි වෛද්‍ය දම්මිකා ලියනාආරච්චි මහත්මිය විසින් සියලු අලි ඇතුන්ගේ ඇස් පරීක්‍ෂණයක් ද කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment