මහ බැංකු පඩි රිවස් කරනු – ගම්මන්පිලගේ පනත පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම්ට

115

මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේ දී මුදල් ඇමැතිවරයාගේ එකඟතාවය ලබාගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත ඊයේ දින (13 දා) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදෙන ලදී.

මෙම පනත් කෙටුම්පත 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

මෙම පනත් කෙටුම්පත භාර ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික වැදගත්කමක් සේ සලකා නීතිපතිවරයාගේ මතය විමසීමට මෙම පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන බවයි.

එරික් ගාමිණී – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment