ගිනිගත් නැවට පරණ තීන්දුවම

776

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය ආරක්ෂණ පනත යටතේ නීතිපතිවරයා විසින් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් නවදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ලබාදී තිබූ නියෝගයක් තහවුරු කරමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

මහාධිකරණයේ නියෝගය බලරහිත කර තමන් ඇතුළු විත්තිකරුවන් නඩු කටයුත්තෙන් මුදාහරින්නැයි ඉල්ලා නැවේ කපිතාන්වරයා හා එම නැව අයත් විදේශීය සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිස ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමකින් තොරවම ප්‍රතික්ෂේප කරමින්, සම්පත් අබේකෝන් හා පී. කුමාර රත්නම් යන විනිසුරු මඬුල්ල නියෝගයක් නිකුත් කළේය. නීතිපතිවරයා විසින් එම නඩුව පැවරීමෙන් අනතුරුව එකී අධිචෝදනා පත්‍රය අභියෝගයට ලක්කරමින් විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ඉදිරිපත්කොට තිබූ අතර, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment