දුම්රිය ආසන වෙන්කිරීම රෑ හතේ සිට

166

කලින් දුම්රිය ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර පද්ධතිය විවෘත කරන වේලාව අද (14 දා) පටන් පස්වරු 07.00 සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ආසන වෙන්කිරීමේ දී සිදුවන අපහසුතා, වංචා ආදිය වළක්වා ගැනීම සහ එම සේවා ඔන්ලයින් සිදු කර ගැනීමේ ක්‍රමවේදය යටතට පත්කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව කලින් ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර පද්ධතිය මගින් මෙතෙක් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10ට ආරම්භ වූ නමුත් අද සිට ක්‍රියාත්මක වන පරිදි එය දිනපතා පස්වරු 07.00ට ආරම්භ කෙරේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment