වසරකට රු. බිලියන 300 ක්  විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරනවා

116

රට ආර්ථික අර්බුද හමුවේ වුවත්  එය අඛණ්ඩව කරනවා

– අගමැති දිනේෂ් ගුණවර්ධන

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් හයලක්‍ෂ හැත්තෑදහසකට විශ්‍රාම වැටුප් ලෙස වසරකට රුපියල් බිලියන 300කට ආසන්න මුදලක් වැය කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ විශ්‍රාමික දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සහභාග ිවෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

රට ආර්ථික අර්බුද හමුවේ තිබුණ ද විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම අඛණ්ඩව සිදු කරනවා. පසුගිය වසර හා මේ වසර තුළ විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා මුදල් වෙන් කිරීමට රජයට හැකිවුණා.

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේ ක්‍රමවේදය තිරසාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට අපි පියවර ගත්තේ මේ කටයුත්ත අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු නිසා. රටේ අනෙක් පුරවැසියන් මෙන්ම විශ්‍රාමික ඔබ ද ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින බව අප දන්නවා. එසේ වුවද ස්ථාවර මාසික වැටුපකට හිමිකම් කියන ඔබ රාජ්‍ය සේවා විශ්‍රාම ක්‍රමය කළමනාකරණය වන ආකාරය හා එහි ශක්තිමත් පැවැත්ම හේතුවෙන් සුරක්ෂිතය.

රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ විශ්‍රාමිකයන් පමණක් නොව ඔවුන්ගෙන් පසු ප්‍රතිලාභ හිමිවන උරුමකරුවන් ද සුරක්ෂිත වනවා. දශක ගණනක රාජ්‍ය සේවයේ අත්දැකීම් සහ පළපුරුද්ද සහිත ඔබගේ සාධනීය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරමින් ඔබ දක්වන දායකත්වයට විෂයභාර අමාත්‍යවරයා ලෙස විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ඔබ සැමට මම කෘතඥ වෙනවා.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment