නීපා ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

138

දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන කේරළයේ දිස්ත්‍රික්කයක පැතිර යන මාරාන්තික නිපා වෛරස් ආසාදනය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බැවින් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

‘ෆෘට් බැට්’ නමැති වවුල් ප්‍රභේදය හේතුවෙන් කේරළයේ දිස්ත්‍රික්කයක පැතිර යන මාරාන්තික නිපා වෛරසය පිළිබඳව කොරෝනා ආසාදනය ගැන මෙන් බියක් ඇති කර නොගන්නා ලෙසත් සමාජ මාධ්‍ය ජාල මගින් ප්‍රචාරය කරන ආකාරයට කොරෝනා සමයේ දී මෙන් රට අගුළු දැමීමට, වෙළෙඳසල් හා ගුවන් මගීන් පරීක්ෂා කිරීමට කිසිදු අදහසක් නොමැති බවත් වෛද්‍ය ගුණවර්ධන මහතා කීවේය.

නිපා ආසාදනය සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මෙසේ පැවසීය.

“මෙහි වාහකයා වවුල් ප්‍රභේදයක්. වවුලන්ගේ මළ, මුත්‍රා හරහා ආසාදිත වෛරස තැවැරීමෙන් පැතිරීම සිදුවෙනවා. සතුන් පලතුරු වැනි දෑ අනුභව කිරීමෙන් මහජනතාවට මෙම වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාදිත පුද්ගලයකුගෙනුත් එය පැතිරීම සිදු වන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකුට පමණයි. ඒ කෙළ බිඳිති මගින්. මෙය වාතය හරහා බෝවන වෛරසයක් නොවෙයි. පැතිරීම අඩු වේගයකින් සිදු වෙන්නේ. රෝගය වැළඳී ඉතා කෙටි කාලයක් තුළ සුව විය හැකියි. රෝග ලක්ෂණ මතු නොවන පිරිසකුත් සිටිනවා. ස්වසන අපහසුතා ඇතිවිය හැකියි. මූලිකවම මොළයේ ආසාදන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උග්‍ර තත්ත්වයට හැරෙනවා. පැතිරීමට ඇති ඉඩකඩ ඒ තුළින් ද සීමා වෙලා තිබෙනවා.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment