සයුරෙන් එතරදී කතුරු මිතුරු ලැබූ වාර්තාගත ආදායම

219

ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු සිනමා පටය සිංහල චිත‍්‍රපටයක් විදෙස් රටක ප‍්‍රදර්ශනය වීමෙන් දිනකදී ලැබූ වැඩිම ආදායම උපයා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

පසුගිය 20 වැනිදා තෙක් ඔස්ටේ‍්‍රලියාවේ නගර හයක් තුළ පැවති දර්ශන වාර 08 කදී ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ පනස් පහකට ආසන්න මුදලක් ඉපැයීමට සමත්ව ඇත. ලබන අපේ‍්‍රල් මස 10 වැනිදා තෙක් ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව ඇතුළු රටවල කතුරු මිතුරු ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම්ව ඇත. මේ වන විට කතුරු මිතුරු එතෙර රටවල ප‍්‍රදර්ශනය කිරීමෙන් රුපියල් කෝටියකට වඩා ආදායමක් ලබා ඇතැයි අන්තර්ජාල පුවත් වාර්තාවල දැක්වේ. කතුරු මිතුරු බාසුරු සේනානායකගේ නිෂ්පාදනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment