පාර දෙපැත්තේ අවදානම් ගස් කපන්න ඇමැති ප්‍රමිතගෙන් උපදෙස්

124

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයින පුරා මහා මාර්ග අසල කඩාවැටීමේ අවදානමක් ඇති ගස් කපා ඉවත් කිරීමට ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ සියලුම අංශයන් වෙත ඊයේ (06දා) උපදෙස් ලබාදී ඇත.

කොල්ලුපිටියේදී බස්රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් පුද්ගලයන් 5 දෙනකු ඉතාම අවාසනාවන්ත ආකාරයට මිය යෑමේ සිද්ධියෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත්තේ පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, අදාළ පළාත් පාලන ආයතනයන්හි බලධාරීන් සමග සම්බන්ධීකරණය කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment