නොවැම්බර්වලට පෙර 18 ට වැඩි සැමට එන්නත

102

ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලූ පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.


 සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30ට වැඩි සියලූ පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. ශ‍්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රාස් ගරීඩෝ මහතා ඊයේ (26 දා* පෙරවරුවේ හමු වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව කීවේය. සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර, නව සෞඛ්‍ය ඇමැතිවරයාට තානාපතිවරයා මෙහිදී සුබ පැතීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment