තැඹිලි ආදර්ශ ගම්මානය හෝමාගම

153

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉළක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇත.

මෙම ගම්මාන 85 තුළ මෙම වසරේ දී තැඹිලි පැළ 50ල000ක් රෝපණය කිරීමට නියමිත අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම දාම්පේ ගම තෝරාගෙන තිබේ.

ඒ අනුව දාම්පේ ගමේ ගොවි පවුල් සියයකට තැඹිලි පැළ බෙදා දීම අද (27) දාම්පේ බෝධිවර්ධනාරාමයේ දී සිදු වූ අතර පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණ.

තැඹිලි පැළ බෙදාදීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ජනමාධ්‍ය හා ප්‍රවාහන කටයුතු පිළිබද අමාත්‍ය බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇතත්. මෙතෙක් ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment