පොලිසියට ගැසූ 04ක් කඩු සහ කුඩු සමග අත්අඩංගුවට

105

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයින් සිව් දෙනකු කඩු පොලු සමග අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (26) රාත්‍රී අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී සැකකරුවන්’ හය දෙනෙකු’ පැමිණි ත්‍රී රෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන්ට පහරදෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්ල තවත් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් සඳහන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම්’ පහ බැගින් තිබී ඇති බවත් පැමිණි තීරෝද රථ දෙක’ පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් සහ සුදු යකඩ පොල්ලක් තිබී හමුවී ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙක් කොස්ගොඩ පොලිසියේ මත්කුඩු ජාවාරම්කරුවකු බවත්ල තවත් දෙදෙනෙකුට නඩු කිහිපයක් පවතින බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පහර කෑමට ලක් වූ එක් පොලිස් නිලධාරියෙක් මුහුණට සහ නාසයට සිදුවූ තුවාල සහිතව සීනවත්ත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment