කපුටු කැදැල්ලේ වලියක් !

393

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයෙහි වූ විශාල මාරා ගසක් මුදුනේ කැදැල්ලක් තනාගෙන තරුණ කපුටු ජෝඩුවක් වාසය කළා.
 
 තවම දරුමල්ලෝ නෑ දවල් වරුවේ කූඩුවෙන් පිටවෙලා ජොබ් එකට යන මොවුන් දෙදෙනා හැන්දෑවට ෆුල් ෆිට් වෙන්න ඩයට් එක තද කරගෙන ආපහු එනවා බැඳලා අවුරුද්දක් එකහමාරක් වෙලත් පැටියෙක් තවම නැති හින්දා මේ දෙන්නා ඒ ගැනත් හිතන්නට වුණා කොහොම හරි දෙන්නා මෙච්චර මෙහෙම මහන්සි වෙලා කැදැල්ලක් හදපු එකේ තේරුම නං ළඟදිම කපුටු ජෝඩුවට දරු සුරතල් බලන්න වාසනාව ලැබෙනවා කියන එකයි.
 
 මෙහෙම මාසයක් දෙකක් යන කොට ඔන්න කැදැල්ල පැත්තෙන් පොඩි කිචි බිචියක් ඇහෙන්න වුණා කානයා නොහොත් මයික්‍රෝ කැදැල්ලට ඇහැ ගහගෙන අසල අත්තක පාක්කරලා ඉන්නවා කාකි හරිම බිසී දරුවො හතර දෙනෙක් හදා වඩා ගන්නවා කියන එකත් ලේසි පහසු කාරියක්යැ කාකි කෑම හොයා ගෙන එනවා…. කපුටු පැටවුන්ට කවනවා යනවා ආයේ එනවා…. කවනවා යනවා මෙච්චර කල් පාළුවට තිබුණ කැදැල්ල දැන් හරිම බිසී දැන් මේ කපුටු ජෝඩුවගේ එකම බලාපොරොත්තුව තමන්ට කුළුඳුලේ උපන් මේ දරුවන්ට ඉංගී‍්‍රසි භාෂාව උගන්වන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාගන්නතමන්ට නොලැබුන උපරිම සැප දෙන්න මොස්කිටෝ නෙට් නැප්කින් පැම්පර්ස් බේබි ක‍්‍රීම් බේබි ඕඩි ක්ලෝන් ජාති ඇරුනම පොඩි උන්ට නැලවෙන්න කොට් එකක් කානයාට නිවාඩුවක් නෑ ටවුමට යනවා කාකි ඕඩර් කරන විදිහට බඩු අරගෙන එනව.ා
 
 මේ ….. මෙයා….. බබීලට බඩු ගන්න කොට හොඳට බලලා
 
 ගන්න….. පුළුවන්නම් බ‍්‍රෑන්ඞ්ඩඞ් ඒවම ගන්න ….. ඔය බේබි ක‍්‍රීම්
 
 ගන්නකොට පැරගන්, ෆෝමැලිටිහයිඞ් පෙට්රෝලියම් තෙල් ජාති අඩංගු ඒවා ගන්න එපා ….., බඩුලැයිස්තු දෙනවා විතරක් නෙවෙයි බඩු වල කොලිටියත් කපුටිය මයික්‍රෝට විස්තර කර දෙනවා
 
 කාඞ් එකේ සල්ලි තියෙනවනං මට ෆේස් වොෂ් එකකුයි ෆේස් ක‍්‍රීම් එකකුයි අරගෙන එන්න ….. නියපොතු ටිකත් ෆේඞ් වෙලා පින්ක් කලර් එකෙන් කියුටෙක්ස් කුප්පියකුත් අරගෙන එන්න, කපුටිය කානයාට කියනවා.
 
 මෙහෙම ටික දවසක් යනකොට ඔන්න කපුටු පැටව් බහ තෝරන තරමට ලොකුවුනා පුදුමෙ කියන්නේ මේ පැටව් හතර දෙනා බහ තෝරන්නේ දෙවිදියකට. …..දෙන්නෙක් කාක් කාක් ගානවා අනිත් දෙන්නා කොහෝ කොහෝ ගානවා කොහොම බහ තේරුවත් මුං හතර දෙනාම මගේ උණුසුම ලබාගෙන හැදිච්ච එවුන්නේ ….. මං කන්න බොන්න දීලා නේ මෙහෙම මේ තරමට ලොකු මහත් කර ගත්තේ අනිත් එක මොන භාෂාව කතා කෙරුවත් මොකෝ මං හදාපු එවුන් මට ලෙන්ගතුයිනේ
 
 මේ විදිහට කාලය ගෙවිලා යද්දී දවසක් දවාලේ කොවුලන් යුවළක් කපුටු කැදැල්ලට ආවා. බැලූ බැල්මට නං ආණ්ඩුවේ නිලධාරී දෙන්නෙක් වගේ පෙනුමෙන් එක කොහෙක් දරුවන් රැක බලා ගනිමින් හිටි කපුටියට කතා කළා
 
 මං හිතන්නේ මිසිස් මයික්‍රෝ වෙන්න ඇති එක කොහෙක් කතා කළා
 
 හ්ම්
 
 දරුවන් හතර දෙනෙකුගේ වැඩ කරනවා කියන එකත් එච්චර ලේසි පහසු කාරියක් නෙමේ
 
 හ්ම්,
 
 කෝ මිස්ට මයික්‍රෝ ඉන්නවද?,
 
 එයා මේ දැන් සුපර් මාකට් එකට ගිහිං එන්න කියලා
 
 ගියා,
 
 එන්ඩ වෙලා යයිද දන්නෙනෑ?,
 
 අපෝ නෑ…. මෙලහකටත් ළඟ ඇති…..කොහොමටත් දරුවන් බලා ගන්න තියෙන හින්දා වැඩි වෙලාවක් ඉන්නේ නෑ ඉක්මනින්ම ආපහු එනවා….. මේ මට අහන්නත් බැරි වුණා ඔය දෙන්නා කවුද ?,
 
 අපි …..මේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ….,
 
 ඒ කිව්වේ,
 
 ඒ කිව්වේ ….. ළමයින්ගේ ආරක්ෂාවට ඉන්න උදවිය
 
 ඒක හරි කතාවක් නේ ළමයින්ගේ ආරක්ෂාවට ආයෙත් වෙන කවුරුවත් මොකටද? දෙමපියෝ ඉන්නේ
 
 ඒක නේන්නං ප‍්‍රශ්නේ ….. ඔය ගොල්ලෝ වගේ නෙමේනෙ හැමෝම දරුවෝ හදනවා ….. කිසිම සැලකිල්ලක් නෑ ….. ඔහේ ඉබා ගාතේ නිසි ආරක්ෂාවක් නෑ නොයෙකුත් අපචාර ආසාධාරණකම් වලට ගොදුරු වෙනවා
 
 මේ වෙලාවෙම සුපර් මාර්කට් එකට ගිය මයික්‍රෝ ආවා නිකං කසිප්පු අරගෙන යන ත‍්‍රීවීල් එකක ස්පීඞ් එකෙන් ආයෙත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ කතාවක් විස්තර විමසිල්ලක් නෑ දුන්නා නියම පෝරියල් ගේමක් කුකූස් ජෝඩුවට ආගිය තැන් අමතක වෙන්න ඔළුවට වැදුන බීක් ඇටෑක් එකෙන් අවුල් වුන කොවුල් ජෝඩුව පැන්නා තටු ගැහුවා ස්ලිං ගාන කොට මාර ගහෙන් මාරු වුණා
 
 මොකද මේ ඔයා…..අද කාක දූපතේ එකෙක් වගේ හැසිරෙන්නේ එහෙමද ගෙදරට ආපු අමුත්තන්ට සලකන්නේ අනිත් එක ආණ්ඩුවේ නිලධාරි දෙන්නෙක් බැරි වෙලාවත් රාජකාරියට බාධාකළා කියලා පැමිණිලි කළොත් ඔයාට කූරු ගැන ගැන ඉන්න තමා වෙන්නේ. අපේ දරුවන් ගැන හොයලා බලන්නනේ ඇවිත් හිටියෙ
 
 ඔයා දන්න කෙංගෙඩිය උන්ගේ දරුවන්ගේ සැප දුක බලන්න හොඳින් ඉන්නවද බලන්න ආපු අර කොහෝ කොහෝ ගාන පැටව් දෙන්නගේ මහ එවුන් දරුවෝ හදන්න රටේ උන්ට පංගාර්තු කරන ඔවුන්ට ඔහොම ඇටැක් එක දීලා මදි තව ටිකක් හිටියා නම් මං ඔවුන්ව යවන්නේ දහ නවයයි අනූවේ
 
 මොනවා එතකොට කොහෝ කොහෝ ගාන්නේ අපේ දරුවෝ දෙන්නෙක් නෙවෙයිද?, කොහෙද අයිසේ කපුටෝ කොහෝ කොහෝ ගාන්නේ …..තමුසෙත් ඔහේ රකිනවා හදනවා මිසක් මුං නයි පොලොංගුද කියලා හෙවිල්ලක් බැලිල්ලක් නෑ. උන් නිකං චයිල්ඞ් ප්‍රොටෙක්ෂන් සීන් එකක් දාගෙන ඇවිත් තියන්නේ අපිව බය කරලා මෙච්චර කාලයත් කන්ඩ බොන්ඩ දීලා හදාපු පැටව් ටික උස්සන්න තව ටිකක් හිටියා නං දෙනාව මං ඩබලට කොහෝ නෙමේ අහෝ කියන්න …..බම්බුව චයිල්ඞ් ප්‍රොටෙක්ෂන් ඇක්ට් …..ඔය අණ පනත් තිබුණට ළමයින්ගේ ආරක්ෂාවට සුබ සාධනයට ඕවලින් මොනවද සිද්ධ වෙලා තියෙන්නේ
 
 දැන් ඉතිං ඕවා අමතක කරලා දාන්න අම්මා අප්පා මොකා වුණත් වැදුවේ මොකා වුණත් හැදුවේ අපිනේ අනිත් එක මේ ලෝකෙට උත්පාදවෙන හැම එකෙකුටම කාගේ හරි හව්හරණයක් කියලා එකක් තියෙන්න ඕනැනේ උන්ට එපා හින්දා අපේ කූඩුවේ බිත්තර දාලා ගියා දැන් මුං දෙන්නා අපිට මහා බරක් යැ අපි හදා ගමු අනේ අපේ දරුවන් හැටියට මුනුත් තටු ගහලා මේ කැදැල්ලෙන් ඉගිලිලා ගිහින් මහ එවුන් වුණදාට කරන්නෙත් මුංගේ අම්මා අප්පා කරපු දේම තමා රටේ ලෝකේ එවුන්ට බලා හදා ගන්න දරුවා හදන එක බලපුවාම ජානවලින් එන ගතිගුණයක්නේ තතරමක කලකිරීමකින් කපුටිය කිව්වා
 
 මොනවා වුණත් ජන්මය, ජාතිය, බේදයක් නොකොට ගත් කපුටු ජෝඩුව කොවුල් පැටවුන් දෙදෙනා තමන්ගේම දරුවන් හැටියට හදාගන්න තීරණය කළා. කපුටු ඈටෑක් එකෙන් නන්නත්තාර වුණ කොවුල් ජෝඩුව ආයෙත් කැදැල්ල පැත්තේ පළාතේ නම් ආවේ නෑ. බක් මාසේ කිට්ටු වෙන කොට විතරක් කෑලෑවේ කොහේ හරි හැංගිලා ඉඳලා කොහෝ කොහෝ කියනවා විතරයි කාටත් ඇහුනේ. ඒ වගේම අත්තටු සවිමත් වෙලා කැදැල්ලෙන් නික්ම ගිය කොවුල් පැටවුන් දෙන්නා අනුගමනය කළේත් උන්ගේ අම්මා අප්පා කළ දේමයි
 
 ආදර්ශය : අනුන්ට හදා වඩා ගන්නට දරුවන් බිහි කරන එවුන්ට කියන්නේ කොහා කියලාය.

advertistmentadvertistment
advertistmentadvertistment