රුපියල් දෙකට ගුටි කෙළ ගනී

237

බස් ගාස්තුවේ ඉතිරි රුපියල් දෙක ඉල්ලා ලංගම බස් කොන්දොස්තරවරයෙකුට පහරදි තුවාල සිදු කරන ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දඩල්ල පදිංචි පුද්ගලයෙකි.
ඔහු ගාල්ල සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වු ලංගගගම බස් රථයකට ගාල්ලෙන් ගොඩවි දඩල්ලට ටිකට් එකක් ඉල්ලා රුපියල් පනහේ නොට්ටුවක්දි ඇත.

එවිට ‍කොන්දොස්තරවරයා ගාල්ලේ සිට දඩල්ලට බස් ගාස්තුවවු රුපියල් 23ක ටිකට පතක් සමග ඉතිරි මුදල් රුපියල් 25ක්දි රුපියල් දෙකක මාරු කාසි නැති බව පවසා තිබේ.

ඒ සමගම බසයේ පාපුවරුවේ සිටි සැකකරු පරුෂ වචනයෙන් කොන්දොස්තරවරයාට බැණ වදින්නට පටන් ගෙන ඇති අතර පරුෂ වචනයෙන් බැණ වැදිම නතර කරන ලෙස බසයේ සිටි මගින් පැවසු විට ඔහු බස් රථය ඇතුලට පැමිණ කොන්දොස්තරවරයාට පහරදි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment