ඩයලොග් කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ රන් සම්මානය කුරුණෑගල ඒ- නෙට් චෑම්ප්ස් කණ්ඩායමට

52

(වමේ සිට දකුණට) ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ උප සභාපති නිරෝධා අබේවික්‍රම, ලෝක නෙට්බෝල් සංගමයේ අධ්‍යක්ෂිකා/ආසියානු නෙට්බෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි උප සභාපති – සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනී තිලකා ජිනදාස, හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි දැක්වෙති.

ඩයලොග් කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ රන් සම්මානය කුරුණෑගල ඒ- නෙට් චෑම්ප්ස් කණ්ඩායමට

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී, මහනුවර ඒ – හිල්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 25-17 ක් ලෙස පරාජය කරමින්, ඩයලොග් කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියෙහි ශූරතාව දිනූ, විජයග්‍රාහී කුරුණෑගල ඒ – නෙට් චෑම්ප්ස් කණ්ඩායම රන් කුසලානය සමගින් (වමේ සිට දකුණට) කුරුණෑගල ඒ – නෙට් චෑම්ප්ස් කණ්ඩායමේ පුහුණුකාරිනී අමල්කා ගුණතිලක, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ උප සභාපති නිරෝධා අබේවික්‍රම, ලෝක නෙට්බෝල් සංගමයේ අධ්‍යක්ෂිකා/ආසියානු නෙට්බෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි උප සභාපති – සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනී තිලකා ජිනදාස, හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ සහ කුරුණෑගල ඒ – නෙට් චෑම්ප්ස් කණ්ඩායමේ කළමනාකාර ආනන්ද වන්නිතිලක යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයෙහි දැක්වෙති.

ඩයලොග් කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ රන් සම්මානය කුරුණෑගල ඒ- නෙට් චෑම්ප්ස් කණ්ඩායමට

ඩයලොග් කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය 2023 හි දස්කම් දැක්වූ කුරුණෑගල ඒ – නෙට් චෑම්ප්ස් කණ්ඩායමේ ආර්. එම්. සී නීෂා, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි උප සභාපති – සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක මහතා අතින් නෙට්බෝල් රැජින ලෙස කීර්තිමත් විරුදාවලිය ලබා ගත් අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment