මහනුවර නගරයේ පාසල් දින තුනක් නිවාඩු

256



මහනුවර ඇසළ පෙරහැර මෙම මස 30 වැනිදා පොහොය දින දක්වා පැවැත්වෙන බැවින් මහනුවර නගර සීමාවේ සියලු පාසල් සඳහා හෙට සිට 31 වැනිදා දක්වා නිවාඩු ලබා දීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.ඒ අනුව එම පාසල් ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 01 වැනිදාය.
මෙම නිවාඩු දින තුන සෙනසුරාදා දින තුනක් පාසල් පවත්වා ආවරණය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා දැනුම් දී ඇත.
මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වාත් පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වාත් වැව රවුම හරහා අම්පිටිය දක්වාත් තැනනේකුඹුර පාලම දක්වාත් ඇති පාසල් වලට නිවාඩු ලබාදෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
මෙයට අමතරව දොඩම්වල රාජකීය ප්‍රාථමික විදුහල,බෝවලවත්ත හා හන්තාන පාසල් වලට ද නිවාඩු ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment