විදුලි ඇමැති අවසන් කළ විපක්ෂයේ සටන් පාඨ

104


විපක්ෂයට තිබූ ප්‍රධාන සටන් පාඨ දෙකකට තම අමාත්‍යංශය මගින් විසඳුම් ලබාදී ඇතැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව පාරිභෝගිකයිනට අඛණ්ඩව විදුලිය සැපයුම සහ ඉන්ධන පෝලිම අවසන් කිරීම සඳහා කටයුතු කිරීම මගින් එම සටන් පාඨ දෙක තවදුරටත් වලංගු නැතැයි කීවේය.විදුලි ගාස්තු වැඩිකිරීමට සිදුවූයේ විදුලි ජනන වියදම් පියවා ගැනීමට බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීමත් නිසා මෙම ගාස්තු වැඩි කිරීමට සිදුවූ බව ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment