ගෝල්ෆේස් පිටියේදී දැරියක පැහැර ගැනීමට තැත් කළ අයෙක් දැලේ

690

තම පවුලේ අයත් සමග කොළඹ ගාලුමුවදොර පිටියේ පසුවූ දාහත් හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමට තැත් කළේ යැයි කියනු ලබන පුද්ගලයකු කොටුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඒ අවට සිටි පුද්ගලයන් පිරිසක් විසින් අල්ලාගනු ලැබීමෙන් පසු ඔහු මෙසේ පොලිසියට භාරදී තිබේ.

තමා මෙම දැරිය පැහැර ගැනීමට අදහස්කර නැති බවද දරු සෙනෙහසට ඇයගේ අතින් ඇල්ලූ බවද සැකකරු පවසා තිබේ. කෙසේ වෙතත් මෙම සැකකරු මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට පොලිසිය ක්‍රියාකර ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment