අයිඩියල් මෝටර්ස් වෙතින් මධුර විතාන පදනමට මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරයි

99

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ මහතා වෙත මහින්ද්‍රා ගිලන් රථය ප‍්‍රදානය කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරුන් වන ඩෙන්සිල් ගමගේ, නිශා වසන්ති, අයිඩියල් මෝටර්ස් අලෙවි ප‍්‍රධානී ඩිල්ශාන් තෙන්නකෝන්, අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු සිල්වා, අයිඩියල් මෝටර්ස් නිෂ්පාදන ප‍්‍රවර්ධන කළමනාකරු සාරංග පරණහේවා යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ වෙති.

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොළඹ දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි සහ ආබාධිත, ඔත්පල වූ අය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණ කර ගනිමින් මෙම ගිලන් රථය පරිත්‍යාග කෙරිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් 05 මූලික අරමුණ කර ගනිමින්, කොවිඞ් 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම ගිලන් රථය පරිත්‍යාග කරන ලදී.

සිය ආයතනික සමාජ සේවා මැනවින් හ`දුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක‍්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කොවිඞ් 19 වෛරසයේ ආරම්භක අදියරේදී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදාන යන්ත‍්‍ර හා කසළ බ`දුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම

මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. ඊට අමතරව එම වසරේම ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක හයක පරිත්‍යාගයක්ද නලීන් වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබාදෙන ලදී.

එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්‍ෂණ ඇඳුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථානයේදී නලීන් වෙල්ගම මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි. මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක‍්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා වි`දි නාමල්පුර ප‍්‍රදේශයේ පවුල් 1500 ක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම නොච්චියාගම, තල්ගස්වැව, විiාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලූම පොත්පත්, බෑග්, පාවහන් හා පාලසට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානයේ බෝ මළුව ඉදිකර බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප‍්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට සහ අනුරාධපුර අටස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ටි‍්‍රක් ත‍්‍රිරෝද රථ පරිත්‍යාග කිරීම ඒ අතර වේ.

අයිඩියල් මෝටර්ස් වෙතින් ක‍්‍රියාත්මක කරන ලද මෙම සියලූම සමාජ සුබසාධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා, අද දින අපගේ අයිඩියල් ව්‍යාපාර සමූහයට ඉතාමත් ප‍්‍රීතිමත් දිනයක් ලෙස හ`දුන්වන්න පුළුවන්. අප සමාගමේ සමාරම්භක දිනය යෙදී තිබෙන්නේ සැප්තැම්බර් 05 වැනිදාට. අපි සමාගමක් ලෙස විශාල සමාජ සත්කාර වසර ගණනාවක සිට සිදුකරගෙන යනවා. මේ වැඩසටහන් සඳහා අපි විශාල වශයෙන් ප‍්‍රචාරක කටයුතු සිදු කළේ නැහැ. නමුත් මේ කොරෝනා වසංගතය ශ‍්‍රී ලංකාවට පමණක් සීමාවූ දෙයක් නොවෙයි. ලෝකයේම තිබෙන මේ ව්‍යසනය නිසා මම හිතුවා අපි වගේ ව්‍යාපාරිකයෝ ඉදිරියට ඇවිත් යම්කිසි දෙයක් අපේ රට වෙනුවෙන් කරන්න ඕනි කියලා. අනිත් ව්‍යවසායකයන්ගේ  සහ ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මේ  අවස්ථාවේ, අපි ඔක්කොම වෙනස්කම් අයින් කරලා, හැම තිස්සේම රජයට දොස් පවරන්නේ නැතුව අපෙනුත් කළ යුතු දෙයක් තියෙනවා අපේ රට වෙනුවෙන්. අපි මව්බිමට ආදරෙයි. මේ වෙලාවේ ඉදිරියට ඇවිත් මෙවැනි කටයුතු සඳහා අත දෙන්න ඕනේ. අපි දන්නවා මේ කොරෝනා ව්‍යසනය නිසා කාර්තු දෙක තුනකට ඉතා විශාල ලාභයක් ලබාගත්ත ආයතන තියෙනවා. මෙවැනි අවස්ථාවක ඉදිරියට ඇවිත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරන්න කැමති යැයි කියා සිටියේය. මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ මහතා, අයිඩියල් මෝටර්ස් සමාගමෙන් මධුර විතාන පදනමට ගිලන් රථයක් ලබාදීම පිළිබඳව එම ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාට ස්තුතිවන්ත වෙනවා. පවත්නා කොරෝනා වසංගතය හමුවේ අපේ රටට ගිලන් රථවල විශාල හි`ගයක් පවතිනවා. මෙම ගිලන් රථය මගින් කොළඹ දිස්ත‍්‍රික්කයේ තියෙන සියලූම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාල, පළාත් පාලන ආයතන හා පොලිසි සම්බන්ධීකරණය කරගෙන අවුරුදු 60 ට වැඩි නිවෙස්වල ඔත්පලවී සිටින අය වෙනුවෙන් එන්නත්කරණය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම කොරෝනා වසංගතය සමගම මේ වනවිට ඩෙංගු වසංගතයත් හිස ඔසවා තිබෙනවා. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාල සමග සම්බන්ධීකරණය කරමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන්ද රැපිට් ඇන්ටිජන් පරීක්‍ෂාව, පී.සී.ආර්. පරීක්‍ෂාව වෙනුවෙන් මෙම ගිලන් රථය භාවිතා කිරීමට කටයුතු කරනවා. මේ රථය සම්බන්ධීකරණය කිරීමේ පළමු අදියර ලෙස එන්නත්කරණය කිරීමට අවශ්‍ය කටයුතු කෝට්ටේ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා ප‍්‍රමුඛ සෞඛ්‍ය අංශ විසින් දැනටමත් සැලසුම් කර තිබෙනවා. නලීන් වෙල්ගම මහතාටත්, අයිඩියල් මෝටර්ස් සමාගමටත් මම විශේෂයෙන් ස්තුති වෙනවා. සමාගම්වල ලාභය අරමුණු කරගන් නැතුව, සමාගමක්, ගෝලීය වසංගතය තුළ සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් ඉදිරියට පැමිණීම පිළිබඳව.

advertistmentadvertistment
advertistmentadvertistment