කැනඩාව යුද අපරාධ වසන් කළා යැයි මන්ත්‍රී ක්‍රෙග් ස්කොට් හෙළිකරයි

235

යුද අපරාධ පිටු 90 ක වාර්තාවද වසන් කෙරෙයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජනසංහාරයක් සිදුවූ බව දක්වමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ මන්ත්‍රීවරු 59 ක් ශ්‍රී ලංකාවට එරෙහි පනතක් සම්මත කළේ 2019 මැයි මස 29 දායි.

ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ උතුරේ සිට කැනඩාවට පැන ආ විජේ තනබාලසිංහම් නමැත්තෙකි. මේ යෝජනාවට එරෙහිව කැනඩාවේ දේශප්‍රේමිහු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේ විශාල මුදලක් වැය කරමින්ය. එහෙත් කැනඩාවේ විනිසුරුවරිය ජනසංහාරයට ලක්වූ ද්‍රවිඩයන් කවුද ඔවුන් පදිංචිව සිටින්නේ කුමන ප්‍රදේශයක දැයි විමසුවේ නැත. මෙයට කලකට පෙර කැනඩාවේ සිට ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණි කැනඩා ද්‍රවිඩයෙක් වන්නියේ ද්‍රවිඩ ජනසංහාරයක් සිදුවූ බව පැවසුවේය. සමුළුවෙන් පසු එම ද්‍රවිඩයාව මානව හිමිකම් කවුන්සිල ශාලාවේදී හමුවූ මම වන්නියේ කුමන ප්‍රදේශයේදී එම ජනසංහාරය සිදු වූයේද යයි විමසුවේය. ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් වන්නියේ, මඩකලපුවේදී එම ජනසංහාරය සිදුවූ බව කීවේය. මඩකලපුව තිබෙන්නේ කුමන ප්‍රදේශයක දැයි නොදන්නා ද්‍රවිඩ තරුණයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ආවේ කැනඩා මන්ත්‍රී ගැරි ආනන්ද සංගරිය. ගැරි ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගත ලෙස ක්‍රියා කළ අයෙකි. ඔහු කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ අතිජාත මිත්‍රයෙකි. විජේ තනබාලසිංහම්ගේ ද්‍රවිඩ ජනසංහාර යෝජනාව ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. එහෙත් ශ්‍රී ලංකාවේ කිසිදු රජයක් කැනඩාවට අභියෝග කළේ නැත.

කැනඩාවේ කොටි ජාලය ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරද්දී කැනඩාවේ දේශප්‍රේමීන්වූ අසෝක වීරසිංහ සහ හිටපු කොන්සල් ජනරල් බන්දුල ජයසේකර ඊට එරෙහිව අභියෝග කළේ නැත. එහි ප්‍රතිඵලයක් වූයේ හිටපු ජනපතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂට කැනඩාව සම්බාධක පැනවීමයි. කැනඩාව යුද අපරාධ කර තිබියදී හිටපු ජනපති වරුන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ද ඔවුන්ගේ විශ්මය ජනක මාධ්‍ය විශේෂඥයන්ද නිහඬව සිටියහ. මේ අතර 2017 නොවැම්බර් 27 දා කැනඩාවේ නිව් ඩිමෝක්‍රටික් මන්ත්‍රීවරයෙක් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් යුද අපරාධ චෝදනා විමර්ශනයට කැනේඩියානු සෙබළුන්ද ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් කැනඩා රජය ඊට ඉඩදුන්නේ නැත. ඒ වනවිට කැනඩාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවී තිබුණි. ඇෆ්ගනිස්ථානයේ සහ සෝමාලියාවේදී කැනඩා සෙබළුන් යුද අපරාධ සිදුකර තිබුණි. 2011 දී ඇෆ්ගනිස්ථානයේ සිටි කැනඩා මාධ්‍යවේදී මරේ බි්‍රව්ස්ටර් කැනඩා භටයන් ඇෆ්ගන් සිරකරුවන් ප්‍රවාහනය කරන අයුරු දැක්වෙන ඡායාරූප ලොව හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

කැනඩාව යුද අපරාධ වසන් කළා යැයි මන්ත්‍රී ක්‍රෙග් ස්කොට් හෙළිකරයි

එසේ වුවත් කැනඩා රජය තම සෙබළුන් සිදුකළ යුද අපරාධ ගැන පරීක්‍ෂණ සිදුකළේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ජනපතිවරු දෙදෙනෙකු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට ඒකමතිකව වරදකරුවන් කළ කැනඩා අගමැති ටෘඩෝගේ රජය ඔවුන්ට සම්බාධක පනවනු ලැබීය.

එම සම්බාධක පැනවූයේ ආර්ථික පනත යටතේය. මේ දීන ක්‍රියාදාමය පසුබිමේ සිටියේ ගැරි ආනන්ද සංගරි ඇතුළු කොටි ඩයස්පෝරාවය. ඊට පෙර ශ්‍රී ලංකා රජය කැනඩා ද්‍රවිඩ සන්ධානයේ තහනම අහෝසි කරනු ලැබීය. එසේම කැනඩාවේ විනිසුරුවරියද ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජනසංහාරයක් සිදුවූ බවට තීන්දුවක් දුන්නේය. ඒ කිසිදු පරීක්‍ෂණයක් නොකරය.

එහෙත් කැනඩාවේ ගෝත්‍රික ජනතාවකගෙන් 6000 ක් ජනසංහාරය කර තිබුණි. මෑතකදී කැනඩාවේ මුල්ම ගෝත්‍රික ජනතාවගේ දරුවන්ගේ ඇටසැකිළි හමුවී තිබුණි. මේ සිදුවීම ජනසංහාර නොවේද?

මේ අතර ස්ටුවට් බෙල් නමැති කැනඩා මාධ්‍යවේදියා කැනඩාව කොටි ත්‍රස්තයන්ගේ තිප්පළක් බවට අනාවරණය කළේය. ද්‍රවිඩ ගරිල්ලන් 8000 ක් ටොරොන්ටෝ නගරයේ ජීවත්වන බවත් ඔවුන් යුද පුහුණුව ලැබූවන් බවත් හෙතෙම හෙළි කරනු ලැබීය. ඔහු එම තොරතුරු හෙළි කළේ කැනඩා පොලිසියේ වාර්තාවක් මතය.

ටොරොන්ටෝ නුවර සිටින කොටි ගරිල්ලන් ආර්පීජී පුහුණුව ලැබූවන්. කොටි යුද අපරාධකරුවන් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබනවා යැයි ස්ටුවට් බෙල් හෙළි කරනු ලැබීය. කැනඩා ආරක්‍ෂක බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි ඩේව් හැරිස්ද කොටි ගරිල්ලන් 8000 ක් කැනඩාවේ සිටින බව තහවුරු කර ඇත. ගතවූ වසර කිහිපය තුළ 150,000 කට අධික ශ්‍රී ලාංකිකයන් කැනඩාවට පැමිණ ඇතැයි ඔහු පළ කළේය.

මේ ද්‍රවිඩයන් නිසා කැනඩා බැංකුවලට විශාල පාඩුවක්ද සිදුවී ඇත. ඩොලර් 26000 කට කැනඩා ගමන් බලපත්‍රයම අලෙවි වෙනවා. කැනඩාවේ ඇති ලෝක ද්‍රවිඩ සංවිධානය ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් කැනඩාවට ගෙනඒමේ ජාවාරමට සම්බන්ධ යැයි ස්ටුවට් බෙල් හෙළිකර ඇත. මේ පසුබිම මැද කැනඩා මන්ත්‍රී ක්‍රෙග් ස්කොට් අන්තර්ජාතික අධිකරණය වෙත පිටු 90 ක වාර්තාවක් යවමින් කැනඩා සෙබළු යුද අපරාධ කළ බව හෙළි කළේය. එහෙත් අද වනතුරු එම වාර්තාව ගැන කිසිදු පියවරක් ගැනීමට ජාත්‍යන්තර අධිකරණය ක්‍රියා කළේ නැත. කැනඩා රජයද එම වාර්තාව වසන් කරනු ලැබීය. කැනඩාවේ මෙම යුද අපරාධ ක්‍රියා හෙළිකිරීමට මෙරට දේශපාලනඥයන්ද ඉදිරිපත් වූයේ නැත.

  • කීර්ති වර්ණකුලසූරිය
advertistmentadvertistment
advertistmentadvertistment