එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික අපද්‍රව්‍ය තාමත් පමුණුගම තිබෙනවා – මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි පියතුමා කියයි

72

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබූ රසායනික අපද්‍රව්‍ය පමුණුගම ප්‍රදේශයේ තවමත් ගබඩා කර ඇති බවත් මෙම ද්‍රව්‍ය හැමිල්ටන් ඇළට එක්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් පමුණුගම මීගමුව කලාපය භාර මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ට ඊයේ (24දා) පැවසීය.

පමුණුගම කැපුන්ගොඩ ඇතැම් පදිංචිකරුවන්ට විවිධ චර්ම රෝග මෙන්ම හඳුනානොගත් රෝග පවා වැළඳී තිබෙන බව පැවසූ සාගර හෙට්ටිආරච්චි පියතුමා නීතියට අනුව මෙම නැවෙන් ලැබෙන වන්දි මුදල් ඔවුන්ටද ලැබිය යුතු බව සඳහන් කළේය. මෙම ප්‍රදේශවල පවුල් පන්දාහකට අධික පිරිසක් පදිංචිව සිටින අතර සිදුවන මරණ පිළිබඳව සැකයක් ඇති වන බවද සාගර හෙට්ටිආරච්චි පියතුමා කියා සිටියේය.
නෝමන් පලිහවඩන සහ ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment