කුලියාපිටියේ ස්පා වටලයි – ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවෝ දැලේ

148

නගරයේ බොහෝ තැන්වල සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධව ඒ පිළිබඳ සුපරීක්‍ෂාවක් සිදුකළ කුලියාපිටිය පොලිසිය බලපත්‍ර රහිත අනවසර සම්බාහන මධ්‍යස්ථානයක් වටලා මුදලට ගණිකා වෘත්තියේ නියැලුන කතුන් 3ක් අත්අඩංගුවට ගෙන තිබිණ.

දිගින් දිගට පැමිණිළි ලද අදාළ සම්බාහන මධ්‍යස්ථානය කුලියාපිටිය පොලිසිය අසල ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් තිබිණ. එහි කළමනාකරු හා අවකල්ක්‍රියාවේ යෙදෙමින් සිටි කාන්තාවන් තිදෙනකු පොලිස් උපාය ධූතයකු යොදවා කළ වැටලීමේදී අත්අඩගුවට ගෙන තිබිණ.

මේ දිනවල එසේ අකුරු තුනේ පොට් එක, ඒ.එස්.පී කාමරේ ආදී නම් වලින් සාමාන්‍ය තරුණයින් භාවිත කරන බොහෝ නගරවල ස්පා නොහොත් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් කූඨ අන්දමින් සිදුකරගන යන ගණිකා ස්ථාන වටලා මුද්‍රා තැබීමට කටයුතු කරන බව එහි උසස් පොලිස් නිලධාරියකු පැවසීය. එමෙන්ම පාසල් සිසුන්, උපකාරක පන්ති යන මුවාවෙන් ඒ වෙත ඇදීමේ ප්‍රවණතාවක් පිළිබඳ විවිධ පාර්ශව මගින් ලැබෙන තොරතුරුද පදනම් කරගෙන ඉදිරියේදීද අදාළ වැටලීම් සිදුකරන බවද පොලිසිය පැවසීය.

අදාළ කළමනාකරු සහ සැකකාර කතුන් අධිකරණයට පැමිණවීමට නියමිතව තිබිණ. කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරි සුජීව විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත

මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසූරිය, දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක සුදේෂ් අමරසේන, පොලිස් සැරයන් නාලක(50393) කාන්තා පොලිස් සැරයන් වරියන් වූ අබේරත්න(12234) පෙරේරා(12233) යන නිළධාරීන් උපායධූතයෙකු මගින් එම වැටලීම සිදුකර තිබිණ.
කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment