ඈන් කුමරිය දින තුනකට ශ්‍රී ලංකාවට

351

එංගලන්තයේ ඈන් කුමරිය දින තුනක සංචාරයක් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ජනවාරි මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ඇය මෙරට සංචාරයේ නිරතවනු ඇත.

සිය සංචාරය සඳහා ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස්ද එක්වන බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගිවීම සඳහා ඔවුන් මෙලෙස මෙරටට පැමිණෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment