Hayleys Fabric, CEA සහ මෙරට විශ්වවිද්‍යාල සමඟ අත්වැල් බැඳගනිමින් ජෛව විවිධත්වය යළි ස්ථාපිත කිරීමේ උත්සාහයන් ශක්තිමත් කරයි

39

ජෛව විවිධත්ව යළි ඇති කිරීම සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා වූ කැපවීම ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත සහ ප්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයා වන හේලීස් ෆැබ්රික් (Hayleys Fabric), මධ්‍යම පරිසර අධිකාරිය (ක්‍ෑ්), පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්‍යාල සමඟ හවුල් වී බෙන්තොට ගඟේ අතු ගංගා ආශ්‍රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා පියවර ගනියි.

රු. මිලියන 1.5 ක් වූ මෙම මුලපිරීමේ අරමුණ වන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෙටල (Lagenandra) විශේෂ තුන සංරක්ෂණය හා යළි ස්ථාපිත කිරීමත් සමඟ ඉහළ හේවස්ස, කළුදොල සහ කළුගල ගං ඉවුරු ස්ථාවර කිරීමයි.

“තිරසාර අනාගතයක් සඳහා වන අපගේ කැපවීම ඉතා ඉහළයි. අපි හේලීස් සමූහ ව්‍යාපාරයෙහි ESG (පරිසරය, සමාජීය සහ පාලනය) වැඩපිළිවෙළ සඳහා මඟ පෙන්වන Hayleys Lifecode ට අනුව යමින් අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අංශයක්ම තිරසාර සහ පරිසර හිතකාමී බව සහතික කරනවා.”

“ඉතාම මෑතක දී අපි අපගේ කර්මාන්තශාලා පරිශ්‍රයට යාබද තෙත් බිම් අක්කර නවයක් සඳහා ආයෝජනය කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ එම ප්‍රදේශය තුළ දක්නට ලැබෙන මෙරටට ආවේණික සත්ව සහ ශාක විශේෂයන් පිළිබඳ දැනුවත් කළා. ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනය ජෛව විවිධත්වය නැතිවී යාම බව වටහාගත් අප අපගේ හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට තවත් පරිසර පද්ධතියක් තෝරාගෙන එහි ජෛව විවිධත්වය සහතික කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා. එහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ අපගේ හවුල්කරුවන්ගේ උත්සහයට ශක්තියක් වෙමින් පාරිසරික සංරක්ෂණය සඳහා වන අපගේ කැපවීම තව තවත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා (මැද) හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා (දකුණ) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය (වමේ) විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා වූ යෝජනාව පිළිගන්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ:

advertistmentadvertistment
advertistmentadvertistment