මාරක අනතුරක් කළ වාහනය හඳුනාගන්න බැරි වුණත් ලක්ෂ 2 ක් වන්දි

272

මහමග සිදුවන රථවාහන අනතුරකින් පුද්ගලයකු මරණයට පත් කළ වාහනය හඳුනා ගැනීමට නොහැකි වුවහොත් මියගිය අයගේ පවුලේ අයට රුපියල් ලක්‍ෂ 2 ක වන්දි මුදලක් ලබාගත හැකි යැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය “ දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසුවාය.

එසේම රිය අනතුරක් සිදුකර දරුණු ලෙස බරපතළ තුවාල සිදුකර ගිය රථයක් හඳුනාගත නොහැකි වුවහොත් තුවාල ලැබූ පුද්ගලයාගේ පවුලේ අයට රුපියල් ලක්‍ෂය ඉක්මවූ වන්දි මුදලක් ලබාගත හැකි බව ද ඇය කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ අවබෝධයක් නොමැති කමින් එම වන්දි මුදල ලබා නොගන්නා බව ඇය සඳහන් කර සිටියාය.

තම ඥාතියකු යම් වාහනයකට හැපී මියගියේ නම් එම රථය හඳුනා නොගත්තේ නම් එම වන්දි මුදල ලබා

ගැනීමට අදාළ අයඳුම්පත් සියලුම පොලිස් ස්ථානවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඇති මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙන් හෝ අඅඅග එර්බිචදරඑගටදඩගකන යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව ද ඇය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment