කාත්තාන්කුඩියේ එකොළොස් දරු පියා නාවලඩි මුහුදේ ගිලී ජීවිතක්ෂයට

97

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නාවලඩි මුහුදේ ගිලී 11 දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 30දා රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි. මළ සිරුරක් ලෙස ගොඩගත් පුද්ගලයා මඩකලපුව කරුපන්ගේනි ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි ආරියවංශ විජයරත්නම් නමැත්තා බවට අනාවරණය වේ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ අධික ලෙස බීමත්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයා ගත් බවයි. කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මඩකලපුව සමූහ ටී. එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment