වීඩියෝවට හා ආරක්‍ෂාව නොදීමට එරෙහිව මිහින්තලේ හිමියෝ සීඅයිඩී යති

257

තමාට අස්ථාන ලෙස චෝදනා කරමින් සමාජ මාධ්‍යජාලාවල යන වීඩියෝවක් ගැන සහ මිහින්තලා පුදබිමට ඉල්ලා සිටි ආරක්‍ෂාව ලබා දීම ප්‍රමාද කිරීම ගැන මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ඊයේ (29දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියහ.

එමෙන්ම පුද බිමේ ප්‍රතිසංස්කරණ නඩත්තු කටයුතුවලට දායක වූ සිවිල් ආරක්‍ෂක භටයන් පවා එම කටයුතුවලින් ඉවත් කර ඇති බවත් මෙරට බුදුදහම ස්ථාපිත කළ පුද බිමට ආරක්‍ෂාව නැවත දෙන ලෙස මහනාහිමිවරුන් පවා ඉකුත් 19 වැනිදා ලිඛිතව ඉල්ලා සිටි නමුත් තමාගෙන් පළිගැනීමක් ලෙස එම කාර්ය පැහැර හැර ඇති බවත් නාහිමියෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment