‘අර්තාපල් හිල්’ වහන්න සමාගම එකඟ වෙයි!

620

යාපනය කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවක තිබිය දී නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට අලුතින් බීජ අර්තාපල් ලබාදීමට ඒවා ආනයනය කළ සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට එකඟ වී ඇත.

මෙම බීජ අර්තාපල් තොගය ගොවීනට නොමිලයේ ලබාදීමට ගබඩා කර තිබූ ඒවා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය කාලය පුරා යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වැස්ස නිසා ගබඩාවට ජලය කාන්දුවීමෙන් බීජ අර්තාපල් තොගයට දිලීර හටගැනීමෙන් නරක්වී ඇති බව හෙළිවී තිබේ.

මෙම බීජ අර්තාපල් තොගය කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පෞද්ගලික සමාගමක් මගින් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇත.

මෙට්‍රික් ටොන් 20ක් පමණ වන මෙම බීජ අර්තාපල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 10ක් පමණ වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment