බෲනෝ 7දා තෙක් රිමාන්ඩ්

120

පසුගිය අප්‍රේල් 1 වැනිදා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයක පැවැති වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නමැත්තිය බුදුන්වහන්සේට හා බෞද්ධ ධර්මයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බෲනෝ දිවාකර නමැත්තා ලබන 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01 දා) නියෝග කළේය. එස්. එල්. වී. ලොග්ස් නමැති සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරිකයකු වන සිය සේවාදායකයාව ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත් වරයා එම නියෝගය කළේය. එම සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

ඒ. ජේ. ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment