සිරිපා කරුණා කරන අතරතුර ඇයි කළේ පරිසරය විනාශ – මස්කෙළිය ප්‍රාදේශීය සභාපති

74

සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාපතිවරයා පැවසීය.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කැළි කසළ බදුන් සවි කර ඇතත්, එම කැළි කසළ බදුන් වලට ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් බැහැර නොකර පරිසරයට මුදා හැර ඇති බවට මස්කෙළිය ප්‍රාදේශිය සභා සේවකයෝ මැසිවිලි නඟති. වන්දනාකරුවන්ට අමතරව නල්ලතන්නියේ සංචාරක හෝටල් සහ ආපන ශාලා හිමියන්ද ප්ලාස්ටික් වතුර බෝතල් විශාල වශයෙන් එකතු කර ප්‍රාදේශීය සභාව වෙත භාරදෙන බවත්, මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නල්ලතන්නිය කැළි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කලයක් තුළ ටොන් දහයකට අධික ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර ඇති බව නල්ලතන්නිය කැළි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ කළමනාකාරු ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේය.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment