කොල්ලෝ මාත් එක්ක ෆොටෝ ගන්න ලැජ්ජයි – ෆැලන් ඇන්ඩි්‍රයා

434

මම අභියෝගවලට බය නැති කෙල්ලෙක්

රියැලිටි වේදිකාව හරහා කරළියට ආ ඇය මේ වන විට තමන්ටම ආවේණික වූ ශෛලියකින් මේ වන විට ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරමින් සිටී, ඇත්තටම ඇය වෙනස්ම ශෛලියකින් ප්‍රසංග වේදිකාවට අලුත් ආකර්ශණයක් දෙන්නට උත්සාහ කරනවා, නමින් ෆැලන් ඇන්ඩි්‍රයා වූ ඇයගේ අලුත්ම යුග ගීතය වන්නේ වින්දා මා වින්දා චමෙල් ශාවින්ද සමග ගායනා කරන මේ ගීතයට ෆැලන්ගේ අපූරු රංගනයක්ද එකතු කර තිබෙනවා, පසුගිය කාලයේ විදෙස්ගත වෙලා හිටපු ෆැලන් ලංකාවට ඇවිත් කරපු මේ වැඩේ ගැන වගේම අලුත් වැඩ ගැන මීවිත විමසීමක් කළා,

කොල්ලෝ මාත් එක්ක ෆොටෝ ගන්න ලැජ්ජයි - ෆැලන් ඇන්ඩි්‍රයා

වින්දා මා වින්දා ගීතය ෆැලන්ගේ අදහසක්ද?

මට අලුත් නිර්මාණයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒකට මම සම්බන්ධ වෙනවා, මේ ගීතයේ අදහස නම් ගායනයෙන් සම්බන්ධ වුණු චමෙල් ශාවින්දගේ, මේ ගීතයේ සංගීතය සහ තනු නිර්මාණයත් ඔහුගේ, ඔහුගෙන් තමයි මට මේ ආරාධනාව ලැබෙන්නේ, ඒ මීට අවුරුද්දකට කලින් ගීතය කරලා අවුරුද්දකට පස්සේ රූප රචනාවක් කරලා මුදාහැරියේ,

ෆැලන්ගේ අපූරු රංගනයක්?

සිනාසෙමින් (ඔව්)

කොහොමද ප්‍රතිචාර?

ඇත්තටම හොඳයි මම මහන්සිවෙලා අලුත් ගීතයක් දැම්මේ චූටි කාලෙකට පස්සේ, මීට පස්සේ මාස තුනෙන් තුනට වැඩ අවසන් කරපු ගීත එළිදක්වන්න අදහසින් ඉන්නවා,

කොල්ලෝ මාත් එක්ක ෆොටෝ ගන්න ලැජ්ජයි - ෆැලන් ඇන්ඩි්‍රයා

ප්‍රසංග වේදිකාවලට ලැබෙන ආරාධනා එහෙම?

ගොඩක් ආරාධනා ලැබෙනවා හැබැයි තෝරා බේරාගෙන තමයි සහභාගි වෙන්නේ, කොළඹින් පිටතට ලැබෙන ආරාධනා ගොඩක් විතර අතපසු වෙනවා, මොකද මම මේ දවස්වල ඩී්‍රම්ස්ටාර් වැඩසටහන මෙහෙයවනවා,

කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම කියනවා නම් ඒකත් අලුත් අත්දැකීමක්, මම මීට කලින් ඒ වගේ අත්දැකීමකට මුහුණදීලා නෑ, ඩී්‍රම් ස්ටාර් නිෂ්පාදක කණ්ඩායමෙන් ලැබුණු ඒ ආරාධනාව මම බොහොම ආශාවෙන් භාර ගන්නවා, ආරාධනාව භාර ගත්තාට පස්සේ තමයි තේරුණේ වගකීම් වැඩියි කියලා,

කොල්ලෝ මාත් එක්ක ෆොටෝ ගන්න ලැජ්ජයි - ෆැලන් ඇන්ඩි්‍රයා

‘වින්දා මා, ගීතයේ සරාගී රංගනය ගැන කට්ටිය මොනවද කියන්නේ ?

කට්ටිය කියනවා මරු කියලා, මියුසික් වීඩියෝ එකේ ලුක් එක එන්නේ කොස්ටියුම් සහ ලයිටින්වලින් හසින් පතිරණ ගේ අධ්‍යක්‍ෂණයත් විශිෂ්ටයි, හැමදේම එකතුවෙලා තමයි සින්දුවේ ෆීල් එක හැදෙන්නේ, සින්දුවට හරියන විදිහට දායකත්වය දුන්නා කියලා මම හිතනවා, සමහරු මගේ ඒ වගේ රංගනයක් දැකලා නෑ, පද රචනය බුද්ධි සංදීපගේ, මගේ ඇඳුම නිර්මාණය කළේ රැෆෙල්ලා ප්‍රනාන්දු,

ෆැලන් බටහිර ගායිකාවෝ අනුකරණය කරනවාද?

මම හරි ආශාවෙන් බටහිර ගායිකාවන්ගේ පර්ෆෝමන්ස් බලනවා, මම අනුකරණය කරන්නේ නැහැ, අනුගමනය කරනවා,

ෆැලන් ෂකිරා වගේ සරාගී ගායිකාවක් වෙන්න අදහසක් තියෙනවාද?

මගෙන් කවුරුහරි ඇහුවොත් මොකක්ද ෆැලන් ඔයාගේ මීළඟ ගෝල් එක මොකක්ද කියලා ඔහේ ජනප්‍රිය වෙන්න මට අදහසක් නැහැ, ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ආදරය කරන ආස කරන ගායිකාවක් වෙන්න තමයි මට ඕනෑ,

ප්‍රසංග වේදිකාවේ මවන විලාසිතාත් හරි ආකර්ෂණීයයි,

මම හිතන්නේ ඕවරෝල් ආර්ටිස් කෙනෙක් වෙන්න තමත් කොණ්ඩේ හදන විදිහ” මේකප් කරන විදිහ” තමන් අඳින විදිහ” වෙනත් තැනකදී කතා කරන විදිහ” මිනිස්සුත් එක්ක හැසිරෙන විදිහ වගේ මේ හැම දෙයක්ම බලපානවා, මම හරි ආසයි ස්ටේජ් එක උඩදී වුණත් මිනිස්සු මාව වෙනස් විදිහට දකිනවාට, සින්දු කියන කොට මම ලස්සනට අඳින්න ආසයි,

ෆැලන්ට වැඩිපුර ඉන්නේ රසිකයෝ එහෙමද?

මට ඇත්තටම එහෙම වෙනසක් නැහැ, කොන්සර්ට්වලට ගියහම ගොඩක් පුංචි ළමයි කතා කරනවා, රසිකයෝ වගේම රසිකාවියොත් ඇවිල්ලා මට කතා කරනවා, ස්ටේජ් එක උඩ ඉන්නකොට ෆැලන් අපි ආදරෙයි කියලා කෑ ගහන රසිකයෝ වේදිකාවෙන් බැස්සට පස්සේ එයාලා ෆොටෝ ගන්න එනවා එහෙම චුට්ටක් අඩුයි, මොකද මම හිතන්නේ කොල්ලො පොඩ්ඩක් ලැජ්ජයි හැබැයි මම ඒ ආදරයට හරි ආදරෙයි,

ෆැලන් කියන්නේ අභියෝගවලට බය නැති කෙල්ලෙක්ද?

අනිවාර්යයෙන්ම මම අභියෝගවලට බය නැති කෙල්ලෙක්, ජීවිතය කියන්නේම අභියෝගවලින් පිරුණු ගමනක්, අපි කාටත් යම් යම් අභියෝග එනවා, ඒවට බයවෙලා එකතැන නැවතුණොත් ඉස්සරහට යන්න බැහැ,

කට්ටිය දාන කකුල් මාට්ටුවලට මාව වට්ටන්නත් බැහැ? එහෙමද?

වට්ටන්නත් බැහැ, මම ඒ කකුල් මාට්ටු මගහැරලා යනවා, කට්ටියගේ කකුල් මාට්ටු මට අදාළ නැහැ, එහෙම කකුල් මාට්ටු දාන අවස්ථා මට ගොඩක් හම්බවෙලා තිබෙනවා, අදටත් ඒවා මගහැරලා යන්න තමයි උත්සාහ කරන්නේ,

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment