හැම තිස්සෙම ‘ෂටප් සිට් ඩවුන්’ කියන ජනාධිපතිව උසාවි තීන්දුවෙන් හාන්සි කළා

125

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බුලත්සිංහලදී කියයි

ජනාධිපතිවරයා කට වහගෙන වාඩිවෙන්න (ියමඑ මච ිසඑ ාදඅබ) කියනකොට අධිකරණය කිව්වේ ඔබ කටවහන්න වාඩිවෙන්න(හදම ියමඑ මච ිසඑ ාදඅබ)යැයි කියාය. ඒනිසා දැන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සල්ලි ටික දෙන්න කියා අපි බලකර සිටිනවායැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බුලත්සිංහලදී ජන හමුවක් අමතමින් ඉකුත් 04 වැනිදා පැවසීය.

එහිදී තව දුරටත් කතා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

2023 පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් ලබාදීමට වෙන්කර තිබූ මුදල් ලබානොදීමට එරෙහිව පක්ෂ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ උපුල් ජයසූරිය සමග නීති මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා මැතිවරණයකට වෙන්කළ මුදල් ටික ලබාදෙන්න කියල. මුදල් ඇමැතිට මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට අධිකරණය නියෝග කළේ මුදල් ලබානොදීම වළක්වාලන අන්‍තර්වාර නියෝගක් ලබාදුන්නා.

මෙම ජනහමුව බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම ජනහමුව ඇමතීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අගලවත්ත සංවිධායක ජගත් විතාන, හොරණ සංවිධායක පී.ඩී. අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ අතර වසර 25 වැඩි කලක් පොදුජන එක්සත් පෙරමුණේ බස්නාහිර පළත් සභා මන්ත්‍රීවරයෙකුව සිටි රංජිත් සෝමවංෂ මහතාද ස.ජ.බ. වේදීකාවට එක්වී සිටියේය.
බුලත්සිංහල – එම්.ආර්. ප්‍රේමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment